(හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)
බලපත්‍ර රහිතව වැලිමඩ සිට කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් තිබූ ග්‍රාන්ටීස් වර්ගයේ දැවකඳන් තොගයක් පැටවූ ලොරියක් අද (03) අළුයම 5.30ට පමණ එහි රියැදුරු සමග අත්අඩංගුවට ගැනීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් චමිල ඉන්දික ජයසිංහ මහතා සමත්ව තිබේ.
දැවලොරියේ විශාල දැවකඳන් 16ක් තිබූබවද, අත්අඩංගුවට ගත් රියදුරුට රියදුරු බලපත්‍රයක් නොමැති බවද හල්දුම්මුල්ල පොලීසිය කියයි.
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් චමිල ඉන්දික මහතාට ලැබුණු තොරතුරකට අනුව ලොරිය තමා සන්තකයට ගෙන තිබේ.
පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ පිළිබඳව දැනුම් දී ඇති බවද හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.
දැවතොගයේ වටිනාකම තක්සේරු කිරීම සහ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අඩවි වන නිලධාරි කාර්යාලයට සහ හල්දුම්මුල්ල පොලිසියට භාරදීමට කටයුතු යොදා තිබේ.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
බලපත්‍ර රහිත දැව ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට