(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)
හාලිඇල අඹවක ප්‍රදේශයේ දී අද (13) බලපත්‍ර නොමැතිව හොර රහසේ ගවයින් ලොරියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු ඌව දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, බදුල්ල බදුලුපිටිය පදිංචි 34හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගන්නා විටත් ලොරිය තුළ ගවයින් සිව්දෙනෙකු සිටි බවද පොලිසිය කියයි.
ඌව දිසා දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් ලැබුණු තොරතුරක් මත අලුයම හාලිඇල අඹවක ප්‍රදේශයේ රැකවලෙහි සිට හාලිඇල නගරය දෙසට අලුයම ධාවනය වෙමින් තිබූ මෙම ලොරිය නවතා පරීක්ෂා කළ බවත්, එහිදී ගවයන් සමඟ ලොරියත් සැකකරුත් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් ලොරිය සමඟ සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා හාලිඇල පොලිසියට බාර දී තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බලපත්‍ර රහිතව ගවයන් ප්‍රවාහනය කළ අයෙකු අත්අඩංගුවට