(නවරත්න සමරතුංග)
බලපත්‍ර නොමැතිව බෝර 12 පතුරොම් තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අද(25) පොතුවිල් ඔරුකමලේ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව ආරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරු අණදෙන නිලධාරයා ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී මෙම පුද්ගලයා තුවක්කුව සමග අත්අඩංගුවට ගෙන ඇත.
සෙංගමුව රක්ෂිත වනයේ නිතර දඩයක්කරුවන් වන සතුන් දඩයම් කරන බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී ඇති බව ද එම බලකාය පවසයි.
එස්.ජී. වර්ගයේ ජීව උණඩයක්ද ඔහු සතුව තිබී හමුවී ඇත.
සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා පොතුවිල පොලීසිය භාරයට පත් කරන බව පොලිස් විශේෂකාර්ය බලකායේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බලපත්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබා සිටි අයෙක් අත්අඩංගුවට