IMG-LOGO

බලන්ගොඩ නගරයේ විවෘත කළයුතු වෙළෙදසැල් ගැන ආණ්ඩුකාරවරයා දැනුම් දෙයි

(සම්පත් ප්‍රියනන්දන)

ඇඳිරිනීතිය  තාවකාලික  ඉවත්  කරන  හෙට (09) වැනිදා  බලන්ගොඩ  නගරයේ   ඖෂධ අලෙවිසැල් ,අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙදසැල් ,මස් මාළු වෙළෙදසැල් ,එළවළු වෙළෙදසැල් හා ටයර් කඩ විවෘත කිරීම සඳහා  සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබිබැකඩුව මහතා  අද (08 ) උපදෙස් ලබාදුන් බව බලන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමින විමලසේන මහතා  පැවසීය.

වෙනත් කිසිම වෙළෙද ආයතනයක් විවෘත කිරීම සඳහා අවසර  ලබා නොදෙන්නැයි  ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දුන් බවද ඒ මහතා කීය.

එම නියෝග කඩ කරන වෙළෙඳ ආයතන වල හිමිකරුවන්ට එරෙහිව  නිරෝධනය පනත අනුව  නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස පොලිසියට ඇතුළු  අදාළ අංශ වලට  ආණ්ඩුකාරවරයා  විසින්  උපදෙස් ලබා දුන් බවද  සභාපතිවරයා පැවසීය.

සබරගමු පලාත් ආණ්ඩුකාර ටිකිරි බණ්ඩාර කොබිබැකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් බලන්ගොඩ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී අද (08) පැවැති  සාකච්ඡාවකදී  ආණ්ඩුකාරවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.



අදහස් (2)

බලන්ගොඩ නගරයේ විවෘත කළයුතු වෙළෙදසැල් ගැන ආණ්ඩුකාරවරයා දැනුම් දෙයි

rana Thursday, 09 April 2020 02:48 AM

ඔන්න මේ වගේ අනුවණ නීති නිසා ජනතාව හොරෙන් එළියට බැසීමට පෙළඹීම වෙනවා. ළමයෙකුට දෙයක් ගන්න රෙදිකඩයක් ඇරියම මොකද වෙන්නේ ?

:       2       16

P.ILANGARATNE Thursday, 09 April 2020 04:48 AM

ටිකිරි මොලේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 877 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site