IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බලන්ගොඩ ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල  ප්‍රදේශයට  අද (18)  අළුයම  සිට   පවතින  අධික  වර්ෂාව හේතුවෙන්  ජාතික ගොඩනැගිලි පර්යේෂණ  සංවිධානය නාය යෑමේ  අවදානම්  කලාප  ලෙස නම්  කර  ඇති ග්‍රාම සේවා  වසම්  පහකට  අයත්   ජනතාවට   විමසිල්ලෙන් සිටින්නැයි  බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම්  හේමන්ත  බණ්ඩාර මහතා ජනතාවට දැනුම් දෙයි.

පෙටිටිගල ,එගොඩ වලේබොඩ ,රාස්සගල ,ඇල්ලෙවත්ත, සහ ගවරන්හේන  යන  ග්‍රාම සේවා වසම්  වලට  අයත් ප්‍රදේශ  ජාතික  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  මගින්   නාය යෑමේ අවදානම්   කලාප  ලෙස  නම්  කර  ඇත.
ඇල්ලෙවත්ත ග්‍රාම සේවා වසමේ  මැද්දෙක්ද   වත්ත , රාස්සගල  ග්‍රාම සේවා වසමේ හැරමිටිගල ,පෙටිටිගල ග්‍රාම සේවා වසමේ  යද්දෙහිකන්ද  සහ  පෙටිටිගල  වත්ත , ගවරන්හේන හා එගොඩ වලේබොඩ යන   ප්‍රදේශ නාය යෑමේ අවදානම්   කලාප ලෙස නම් කර ඇති බව  බලන්ගොඩ  ආපදා සහන සේවා  නිලධාරී  උපුල්  අනුරසිරි  මහතා  කිය.

පෙටිටිගල ප්‍රදේශයට  මිලිමිටර්  84 ක  වර්ෂාපතනයක්   පැවැති බවද  අනුරසිරි සිරි මහතා කිය. 

නාය යෑමේ අවදානම් තත්ත්වය සම්බන්දයෙන්  ජනතාව  දැනුම් කිරීම   ඇතුළු  මූලික  කටයුතු  සිදුකර  ඇති අතර  හදිසි අවස්ථාවක්  ඇතිවුවහොත්  ජනතාව   ආරක්ෂිත ස්ථාන  වෙත  යොමුකිරීම  සඳහා  සියළුම  කටයුතු ප්‍රදේශිය ලේකම්වරයාගේ  උපදෙස් මත  සුදානම්  කර තිබෙන  බවද  ආපදා සහන සේවා නිලධාරී  උපුල් අනුරසිරි මහතා  වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

බලන්ගොඩ ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site