(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ ඉහළ කොටසේ තේ වත්තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් 15 දෙනෙකු අද(18) බඹරු ඇනීමෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇත.
තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් සිව්දෙනෙකුගේ තත්වය බරපතල බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසුවේය.
තුවාල ලැබූවන් අතර, කාන්තාවෝ 13 දෙනෙක් සහ වතු කම්කරුවන් දෙදෙනෙක් සිටිති.
බගවන්තලාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd