( ඩී.කේ.රත්න )
බෝම්බ සහ ජීව උණ්ඩ රදවන බඳ පටියක් (ලෝන්චරයක් ) සමග පුද්ගලයකු හා ලොරි රථයක් අද (6) බණ්ඩාරවෙල නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
සබරගමුව පළාතේ ලියාපදිංචි ලොරි රථයක් සමඟ නුවරඑළිය හාවාඑළිය ප‍්‍රදේශයේ පදිංචි හැවිරිදි 35 ක පුද්ගලයකු බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම පුද්ගලයා පෞද්ගලික දුරකථන සමාගමක දුරකථන කුලූණුවල සන්නිවේදන උපකරණ අලූත්වැඩියා කරන්නෙකු බවත් තමන් උතුරු පළාතේ කොකාවිල් ප‍්‍රදේශයේ දුරකථන කුලූනක අලූත්වැඩියා කටයුත්තක් සඳහා ගියවිට එම ප‍්‍රදේශයෙන් මෙම බෝම්බ සහ ජීව උණ්ඩ රදවන බද පටිය ලබා ගත් බවත් පොලීසියට පවසා ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.