IMG-LOGO

බෝම්බ ඇතුළු ආයුධ ගෙන ආ සැකකරුට උදව් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)
 
වව්නියාව පුලියන්කුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේ දී අතුරුමාර්ගයක බෝම්බ සහිත බෑගයක් දමා පලා ගිය සැකකරු සමඟ සෘජු සම්බන්ධතා පැවත්වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.

අදාළ සැකකරුවන් වව්නියාව නගරයෙන් හා අනෙක් සැකකරු පූවර්සන්කුලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් ද වව්නියාව අධිකරණයට ඉදිරිපත් කර පැය 72 ක රඳවාගෙන ප්‍රශ්න කිරීම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමට පුලියන්කුලම් පොලීසිය පියවර ගෙන ඇත.

මීට පෙරද බෝම්බ බෑගය දමා ගිය ප්‍රධාන සැකකරුට උදව් කරන ලද සැකකරුවන් තිදෙනෙකු පුලියන්කුලම් පොලීසිය විසින් ද තවත් එක් සැකකරුවෙකු වව්නියාව පොලිස් කොට්ඨාස නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය විසින් ද අත්අඩංගුවට ගනු ලැබිණි.

සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව පුලියන්කුලම් පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට මුළු සකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියි.



අදහස් (0)

බෝම්බ ඇතුළු ආයුධ ගෙන ආ සැකකරුට උදව් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 582 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site