(රෝහණ සමරවීර)
වැලිගෙපොල දඹගහවෙල කුඩාව ඔය රක්‍ෂිතයේ පරිසර පද්ධතිය විනාශ කරමින් වැලි කැණීමේ යෙදුණු පුද්ගලයන් පිරිසක් එම රක්‍ෂිතයේ තිබුණු කුඹුක් ගසක් ජේසිබී යන්ත‍්‍ර උපයෝගි කරගෙන ගලවා කුටිටිකර පොළොව යට වලලා තිබියදී වැලිගෙපොල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ වැලිගෙපොල පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී ගොඩගනු ලැබීය.
ප‍්‍රදේශවාසීන් පිරිසක් විසින් තමන්ට ලබාදුන් තොරතුරක් වැලිගෙපොල පොලිසියේ ස්නානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලෙස්ලි හෙටිටිආරච්චි මහතාට දන්වා ග‍්‍රාම නිලධාරීන් හා පොලිසිය ඒකාබද්ධ කරගෙන මෙහෙයුම සිදු කළ බව වැලිගෙපොල ප‍්‍රාදේශීය ලේකම් අනුරුද්ධ ජයකොඩි මහතා එහිදී පැවැසීය.
කුඩාව ඔය රක්‍ෂිතයට යාබදව පිහිටි පෞද්ගලික ඉඩමකට ලබා ගෙන ඇති වැලි කැණීම් බලපත‍්‍රයක් අවභාවිතා කරමින් එම රක්‍ෂිතය විනාශ කරමින් වැලි කැණීම් සිදුකර තිබෙන බවත් ඒ අතරතුරු එම පුද්ගලයන් කුඔුක් ජාවාරමේ යෙදී ඇති බවට සැක කරන බව ලේකම් වරයා වැඩිදුරටත් පැවැසීය.
එම රක්‍ෂිතය විනාශ නොකරන ලෙස එම පුද්ගලයන්ට මීට පෙර කීප වතාවක් අවවාද කළද එය නොසලකා දිගටම රක්‍ෂිතය විනාශ කර ඇති බවත් එම නිසා නීතිය තදින් ක‍්‍රියාත්මක කිරීමට අදාල අංශ වලට දන්වා සිටින බව ප‍්‍රාදේශීය ලේකම් වරයා පැවැසීය.
මේ සම්බන්ධයෙන් රක්‍ෂිතයට යාබද ඉඩමේ වැලි කැනීම් බලපත‍්‍ර කරුවෙක් සැකපිට අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් එම පුද්ගලයා මේ වනවිට පොලිසිය මග හරිමින් සිටින බව වැලිගෙපොල පොලිසිය පවසයි.
වැලි කැණීම් බලපත‍්‍රය ලබා දීම සදහා කටයුතු කර ඇති මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ඇතු`එ රජයේ ආයතන වසරකට අධික කාලයක සිට එම ස්ථානය නිරීක්‍ෂණය නොකර වැලී කැණීම් සිදු කිරීම සදහා එම පුද්ගලයන්ට රිසිසේ ඉඩ සළසාදීම හේතුවෙන් මෙවැනි විනාශ සිදු කරන බව පරිසරවේදීහු පවසති.
වැලි කැණීම් සිදු කරන බව කියන තැනැත්තෙක් එම ස්ථානයේදි පැවැසුවේ ඒ අසළින් ගලා බසින කුඩාව ඔයට වැටී තිබූ කුඹුක් ගසක් එම ස්ථානයෙන් ඉවත් කිරීම පමණක් සිදුකළ බවත් එය තමන් ජාවාරමක් ලෙස සිදු නොකළ බවයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පොළොව යට සඟවා තිබූ කඳන් ගොඩ ගනි