IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


පුහුල්පොල වේල්ල මතින් ගමන් කිරීමට එක් අවසර පතක් ලබාදීමේ තීරණයට විරෝධය

(ඩී.කේ.රත්න)

උමා ඔය ව්‍යාපෘතියේ පුහුල්පොල ජලාශයේ වේල්ල මතින් තමන්ගේ ගම්බිම්වලට ගමන් කිරීමට එක පවුලකට එක අවසරපතක් ලබාදීමට ගත් තීරණයට අද (09) සවස ප‍්‍රදේශවාසීහු විරෝධය දැක්වූහ.

වේල්ල මතින් තම ගම්බිමිවලට යාමට ඉඩ නොදුනහොත් සිකුරාදා දින ජලාශයේ ජලය පිරවීමට ඉඩ නොදී උද්ඝෝෂණයක නිරත වන බවද ඔවුහු පැවසූහ.

ප‍්‍රදේශයේ ගම්මාන රැසක 6000 ක පමණ පිරිසක් මෙම වේල්ල මතින් තම ගම්මාන කරා පිවිසෙන අතර මෙම වේල්ලේ ජලය පිරවීමත් සමඟ එක පවුලකට එක බැගින් අවසර පත් ලබාදීම කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බැවින් ප‍්‍රදේශවාසීන්ට අවසර පතකින් තොරව ගමන් කිරීමේ අවස්ථාව ලබා දෙන ලෙස පවසමින් ප‍්‍රදේශවාසීහු විරෝධතාවයේ නිරත වූහ.

ලබන 11 වැනි සිකුරාදා දින පුහුල්පොල ජලාශයේ ජලය පිරවීමට නියමිත අතර මේ පිළිබඳව ජනතාව දැණුවත් කිරීම සඳහා ඉහළ කොටවෙර ප‍්‍රජාශාලවේදී මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද රැස්වීමක් පැවැත්විය.

මෙහිදී මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරින් ප‍්‍රකාශ කළේ මහජනතාවගේ හා වේල්ලේ ආරක්ෂාව සඳහා ඒ මතින් ගමන් කිරීමේදී ප‍්‍රදේශයේ ජනතාවට අවසරපතක් ලබා දෙන බවය.

මෙහිදී මෙම ප‍්‍රකාශයත් සමඟම සභාව දැඩිලෙස උණුසුම් වූ අතර එම කටයුත්ත සඳහා කිසි සේත් ඉඩ නොතබන බව ප‍්‍රදේශවාසිහු පැවසූහ.

 



අදහස් (0)

පුහුල්පොල වේල්ල මතින් ගමන් කිරීමට එක් අවසර පතක් ලබාදීමේ තීරණයට විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 387 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 440 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 405 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site