(මොහොමඩ් බුහාර්ඩින්)
ඉබ්බාගාමුව ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ නිවසේ නවතා තිබු මෝටර් රථයකට කිසියම් පිරිසක් ගිනි තබා පලා ගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව ගොකරැල්ල පොලිසිය පවසයි.
අද (2) අලූයම 1 ට පමණ ඉබ්බාගාමුව ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී පී. දයාරත්න අබේවික‍්‍රම මහතාගේ නිවස ඉදිරිපිට නවතා තිබු මෝටර් රියකට මෙලෙස කිසියම් පිරිසක් විසින් ගිනි තබා පලා ගොස් තිබේ.
මෝටර් රථයට ගිනි ඇවිලීමත් සමඟ නිවසේ කොටසක් ද ගිනි ගැනීමට ලක් වී ඇති අතර සිද්ධියෙන් රුපියල් ලක්ෂ 10 ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි මන්ත්‍රීවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පොහොට්ටුවේ මන්ත්‍රීගේ කාරයට ගිනි තැබීම ගැන සොයා පරීක්ෂණයක්