හිඟුරක්ගොඩ ප්‍රධාන පෙලේ පාසලක ආපනශාලාව තුළ කසිප්පු පෙරු බව කියන ආපනශාලා භාරකරු සැකපිට අත්අඩංගුවට ගත් බව සුරාබදු නිලධාරීහු පවසති. කසිප්පු පෙරීමට යොදාගන්නා උපකරණ සමග බැරලයක් ද සුරාබදු නිලධාරීන්ගේ බාරයට ගෙන ඇත.
කලක පටන්, පාසල නොමැති දිනවල, මෙම කසිප්පු පෙරීම කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වැටලීම කළ නිලධාරිහු පවසති. සැකකරු ද එම පාසලේ ම ආදි සිසුවක බව ද දැනගන්නට ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.