පාසල් දරුවන් සඳහා ‘බ්‍රයිට් ස්ටාර්’නමින් ප්‍රශ්න විචාරාත්මක රියැලිටි තරගාවලියක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය,ජාතික රූපවාහිනිය හා යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමත් සැරැසේ.
වයස අවුරුදු 11ත් 15ත් අතර සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර ලිඛිත පරීක්ෂණ මගින් තෝරා ගන්නා 60 දෙනකු ‘බ්‍රයිට් ස්ටාර්’ රියැලිටි තරගාවලියට සහභාගී කරවා ගැනීමට නියමිතය.
ජාතික රූපවාහිනීය ඔස්සේ විකාශය කෙරෙන මෙම වැඩසටහන මගින් දරුවන්ගේ වාචික,භාෂාමය,සංගීත,තාර්කික,ගණිත, ආදී නව බුද්ධිය පරීක්ෂා කිරීමට නියමිත බව අධ්‍යාපන අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා එම අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
අවසන් මහා තරගයෙන් ජයගන්නා දරුවාට හෝ දැරියට රුපියල් රුපියල් ලක්ෂ හතක් හා ඔහුගේ හෝ ඇයගේ පාසලටරුපියල් ලක්ෂ තුනක්ද දෙවැනි ස්ථානය සහා රුපියල් ලක්ෂ හතරක් හා පාසලට රුපියල් ලක්ෂ තුනක් ද පිරි නමන බව ග්‍රේරු මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අධ්‍යාපනයේ නව මානයන් නිවැරදිව ගෙන එන්නට ග්‍රේරු වැනි අධ්‍යාපනය ගැන අවබෝධයක් ඇත්තෙක් සිටීම ගැන සතුටුයි.මෙම වැඩසටහන අනෙකුත් ළමා රියැලටි වැඩසටහන් අතර වටිනාම එක වනු ඇතැයි විශ්වාස කරනවා.ඔබ ගත් උත්සාහයට සුබ පතමි. (අ)
මෙන්න මහත්මා ගති ඇති මිනිසුන්.... (නි)
මේ වයසේ කුඩා දරුවන් සහභාගී කරගෙන කරන තරඟ වලදී ජයග්‍රාහකයාට සහ දෙවැනියාට සියලුම තෑගී ප්‍රධානය කර අනිකුත් තරඟ කරුවන්ට කිසිම දෙයක් නොදීම ඔවුන් ගේ බලාපොරොත්තු කඩවී මානසිකව පහතට ඇද දැමීමක්. හැමෝටම දිනන්න බැහැ කියන එක වැඩිහිටි අපි දන්නවා. නමුත් මේකට සහභාගී වෙන්නේ නොමේරූ කුඩා දරුවන්. ඔවුන්ව දිරිමත් වෙන විදියට සියලුම දෙනාට සුළු හෝ ත්‍යාගයක්, සහතික පතක් දිය යුතුයි. එහෙම නැතුව දරුවන් 50,000 පමණ සහභාගී උනොත් 49998 ක් නිකන්ම ගෙදර යනවා. කුඩා දරුවන් මේ වගේ දේවලට සහභාගී වෙලා හිත නරක කරගන්නවාට වඩා නිකම් ඉන්න එක හොඳයි කියන සිතුවිල්ල ඇති නොවී සහභාගිත්වයත් අගය කළ යුතුයි. (ස)