දකුණු පළාතේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කලමණාකරණය කිරීම සඳහා ‘‘පිවිතුරු දකුණ මතුපරපුරට“ නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව දකුණු පළාත් පරිසර අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේ ලේකම් ඒ.යූ,වේලාරත්න මහතා කියා සිටියේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ටොන් 65ක් දකුණේ වාර්ෂිකව එකතුවන බවයි.
“ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඉතා විනාශකාරීයි. නිවසේ, කාර්යාලයේ, පාසලේ එකතුවන මේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් තිබුණේ නැහැ. එයට පිළියමක් ලෙස අපි මධ්‍යම පරිසර අධිකාරිය සමග එක්ව දකුණු පළාත සඳහා මේ වැඩසටහන ආරම්භ කළා. ඒ අනුව අපිට හැකියාව ලැබේවි දැනට තිබෙන අපද්‍රව්‍ය නිසි පරිදි ඉවත් කර ප්‍රතිචක්‍රීකරණයට යොමු කරන්නත් ඉදිරියේ දී මේ අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නත්.‘‘
ලේකම්වරයා පවසන්නේ දකුණේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුනෙහි සහ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලත් මධ්‍යම පරිසර අධිකාරීයේත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවන බවයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පිවිතුරු දකුණ මතුපරපුරට‘