රෝවන් පෙරේරා සහ ජයරත්න වික්‍රමාරච්චි
පොලිස් අණ නොතකා ධාවනය කළ නීතිවිරෝධී දැව ප්‍රවාහනය කළ ලොරි රථයකට අද (7) කරුවලගස්වැව පොලීසිය වෙඩි තිබේ.
දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් වනාතවිල්ලුව ප්‍රදේශයේ සිට පොලිස් මාර්ග බාධක මග හරිමින් මයිලංකුලම තේවනුවර හරහා තබ්බෝව කරුවලගස්වැව මාර්ගයේ ගමන් කරන බවට ලැබුණු තොරතුර මත ක්‍රියාත්මකවූ කරුවලගස්වැව පොලීසිය තබ්බෝව පන්සල් හංදිය ප්‍රදේශයේ රැඳී සිට ඉදිරියට එමින් තිබූ ලොරිය නවතන ලෙස සංඥා කර ඇත.
වේගයෙන් පැමිණි ලොරි රථය පොලිස් නිළධාරීන් යට කරමින් පලා යාමට උත්සහ කිරීමේ දී වෙඩි තැබූ බව පොලීසිය කියයි.
වෙඩි නොතකා පලාගිය ලොරි රථය ලුහු බඳිමින් පොලීසිය හඹා යාම නිසා කිලෝ මීටර දෙකක් පමණ ගොස් අතුරු මාර්ගයකට හරවා ඇති අතර ප්‍රධාන මාර්ගයේ සිට මීටර 200 පමණ දුරින් පලාදාගම ප්‍රදේශයේ දී ලොරිය පෙරලී ඇති අතර එහි සිටී දෙදෙනකු පලා යනු දුටූ බව ප්‍රදේශවාසීන් පොලීසියට පවසා තිබේ.
එහි තිබූ තේක්ක දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 පමණ බවට පොලීසිය පැවසූ අතර තවමත් නිශ්චිතව තක්සේරු කර නොමැත.
පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇත. මීට පෙර ද අවස්ථා කිහිපයකදී මෙවැනි නීතිවිරෝධී ජාවාරම්කරුවන් පොලිස් නිලධාරීන් යට කිරීමට උත්සහ කරමින් පලා ගොස් තිබෙන බවත් ඒ පිළිබඳවත් පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
ඡායාරූප - රෝවන් පෙරේරා



2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2452
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිස් අණ නොතැකූ ලොරියට වෙඩි
ravi Sunday, 07 July 2019 06:19 AM
මේ..ලොරියටයි. දැව තොගයටයි වෙඩිතියලා වැඩක් නැහැ.