(මොහොමඩ් ආසික්)
මහවැලි ගඟේ පාවෙමින් තිබූ නාඳුනන මළ සිරුරක් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු අසල රැඳී තිබියදී පොලිසිය මගින් අද (01) වනදා සොයා ගනු ලැබ තිබේ.
පොල්ගොල්ල ජලාශයේ නිළධාරි මහතෙකු විසින් ජලාශයේ දොරටු අසල රැඳි තිබූ මෙම මළ සිරුර සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියට දැන්වීමෙන් අනතුරුව පොලිසිය අදාළ ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු ආරමභ කරනු ලැබීය.
මිය ගොස් ඇති මෙම පුද්ගලයා වයස අවුරුදු 50 -60 ත් අතර විහ හැකි බවට විශ්වාස කරන බවත් මෘත ශරීරය පවතින තත්වය අනුව දින තුනකට පමණ පෙර මිය යන්නට ඇති බවත් පොලිසිය විශ්වාස කරයි.
මෙම මෘත ශරීරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ( සොකෝ) නිළධාරින් විසින්ද පරීක්ෂණ සිදු කරනු ලබයි.
මිය ගොස් ඇති මෙම නාඳුනන පුද්ගලයාගේ මෘත ශරීරය හඳුනා ගැනීම සඳහා සහාය වන ලෙස පොලිසිය ජනතවගෙන් ඉල්ලා සිටියි.
කටුගස්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි.
2025 දෙසැම්බර් මස 16
60
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
855
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
613
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොල්ගොල්ල ජලාශයෙන් නාඳුනන මළ සිරුරක් හමු වෙයි