( රංජිත් රාජපක්ෂ)

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් රාණිකාඩු වතු යායට පිවිසෙන ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා වතු කම්කරුන් ,පෞද්ගලික බස් රථ රියදුරන් හා ත්‍රිරෝද රථ රියදුරන්  ඇතුළු පිරිසක් අද (30) උද්ඝෝෂණයක නිරත වුහ.


 බගවන්තලාව ලොයිනොන් ප්‍රධාන මාර්ගයේ කැම්පියන් නගරයේ සිට ලොයිනොන් රාණිකාඩු දක්වා කිලෝමිටර් 8 දුරක් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා  කැම්පියන් නගරයේ මෙම මේ උද්ඝෝෂණය කළහ.


මාර්ග සංවර්ධන අධිකාරියට අයත් එම මාර්ගය වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය නොකිරිමෙන් මේ වන විට එම මාර්ගයේ විශාල වලවල් හැරි දැඩි ලෙස අබලන් තත්ත්වයේ පැවතිම හේතුවෙන් එම මාර්ගයේ  ගමන් ගන්නා මගින් දැඩි අසිරුතාවයට  පත් වි ඇති බව ඔවුහු පැවසුහ.


උද්ඝෝෂණය හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය දෙකකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.