(විජේරත්න රත්නායක)
පුරාවිද්‍යා වටිනාකමකින් යුතු භාණ්ඩවලට හානි සිදුකළ බවට අධිකරණය ඉදිරියේ වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා එක් අයෙකුට රුපියල් හැත්තෑපන් දහසක් බැගින් රුපියල් ලක්ෂ එකහමාරක දඩ මුදලක් අද (31) නියම කළේය.
මෙසේ දඩ නියම වූයේ බදුල්ල කහටරුප්ප පදිංචි ඩී.එම්.රංජිත් හා එච්.එම්.ධනපාල නම් පුද්ගලයන් දෙදෙනෙකු හටය.
අදාළ පුද්ගලයන් තමන්ට අයත් ඉඩමක සිදුකළ කැණීමකදී හමුවූ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ගඩොල් කිහිපයක් විනාශ කර ඇති බවත් එම ගඩොල් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සනාථ කොට ඇති බවත් වැටලීම සිදුකළ ඌව පළාත් පුරාවිද්‍යා විශේෂ වැටලීම් ඒකකය වෙනුවෙන් බදුල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
මේ අනුව නිදන් හාරා පුරාවිද්‍යා භාණ්ඩවලට හානි සිදුකිරීමේ චෝදනාව යටතේ අදාළ පුද්ගලයන් හට දඩ නියමවිය.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
866
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පුරාවිද්‍යා භාණ්ඩ වලට හානි කළ දෙදෙනෙකුට දඩ