බී.ජී. චතුරංග
අනුරාධපුර මහජන පොලේ අලෙවියට තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් තොගයක් අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් තොගයක් අනුරාධපුර සතිපොලේ අලෙවි කරන බවට, අනුරාධපුර නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාට ලැබුණු තොරතුරකට අනුව කළ සොයා බැලීමක දී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් විසින් පෙට්ටි 15 ක අසුරා තිබියදී දිරාපත් වූ හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් 240 ක ප්‍රමාණයක් මෙලෙස තම බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් හාල්මැස්සන් සාම්ප, රස පරීක්ෂක වෙත යොමු කරන බවත් එහි වාර්තාව ලැබීමෙන් පසුව එම වෙළෙදුන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව අනුරාධපුර මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයම්පති බණ්ඩාර මහතා මෙහි දී පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් අ’පුර සතිපොළෙන්
arschfikaa Monday, 04 June 2018 10:44 AM
මේක විතරද පරිභෝජනයට නුසුදුසුයි කියන්නේ........ හෙමදාම කන්නෙම ඔය දිරාපත්වී ගිය, හාල් මැස්සන්ගේ රොඩු ,මොන ජරාවක්වුනත්, පිටරටකින් ආවානම්, නියමයිනේද?