(මොහොමඩ් ආසික්)
1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනත මගින් ප්‍රාදේශිය සභාවලට පවරා ඇති ඇතැම් බලතල නැවත පවරා ගෙන ඒවා පොලිසිය වෙත පවරා දී ප්‍රාදේශිය සභාවට ගැළපෙන බලතල සභාවන්වලට පවරා දෙන ලෙසත් හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතා වග කිව යුතු අංශවලින් ඉල්ලා සිටියි.
අද 16 වනදා හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ පැවැති එහි මාසික මහ සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ එහි සභාපති ආනන්ද ජයවිලාල් මහතා මෙසේද කීය.
1987 අංක 15 දරණ ප්‍රදේශිය සභා පනත අනුව අපට ලැබී ඇති බලතල ජනතාවත් සමඟ ගැටළු ඇති කර ගන්නා බලතලයි. වැටවල්වල ප්‍රශ්න, අනවසර ඉදිකරීම්, අනතුරුදායක ගස් මාර්ග ගැටළු මේ සියල්ලම නිසා අපට ජනතාවත් එක්ක ගැටළු ඇති වෙනවා. හුඟක් අවස්ථාවන්වල මේ ගැටළු විසඳන්න පොලිසියේ සහාය ලබා ගන්න සිදු වෙනවා එම නිසා 1987 අංක 15 දරණ පනත සංශෝධනය කර එම බලතල පොලිසියට පවරා දී ප්‍රාදේශිය සභාවට ගැලපෙන බලතල සභාවන්වලට ලබා දෙන ලෙස වග කිව යුතු අංශවලින් ඉල්ලා සිටින බවද සභාපති ආනන්ද ජයවිලාල් මහතා මෙහිදී කිය.


2025 දෙසැම්බර් මස 18
490
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රාදේශීය සභාවල බලතල පොලිසියට පවරා දෙන්නැයි හාරිස්පත්තුව සභාපති ඉල්ලයි
ගමරාල Wednesday, 17 June 2020 12:50 AM
මෙම පනත සකස්කල කාලය වනවිට දැනට ප්‍රදේශීය ලේකම් ලෙස සිටින නිළධාරියා සිටියේ උප දිසාපති නැතහොත් සහකාර ආණ්ඩුවේ ඒජන්ත තනතුරු නාමයෙනි. එම තනතුර නාමය වෙනස්කර උපදිසාපති කාර්යාලයට අමතරව ඔහු සභාවේ ලේකම් කිරීමට අදහස්කර ඒ අනුවයි මේ බලතල ප්‍රාදේශීය සභාවලට පැවරුවේ. නමුත් එකල සිටි පරිපාලන සේවයේ පිරිස් මෙම සභාවලට පත්වන ඇතැම් නියෝජිතයින් කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති අයයැයි කියා ඒවායේ කටයුතුවලට විරුද්ධවුනා. නමුත් උපදිසාපති නාමය නැවත ඇතිකලේ නැහැ කොහොම නමුත් ඊයේ පෙරේදා අසන්නට ලැබුණු සිද්ධියක් නිසා දැනගන්නට ලැබුනේ පාරවල් හා වැටවල් ප්‍රශ්ණයේදී පොලිසියත් ප්‍රශ්ණය සමත මණ්ඩලයට යවන බවයි. මෙම ගැටළු විසදීමට නීති සකස්වීම අත්‍යාවශ්‍යම වෙලා කියන්න පුළුවනි.