IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පූජාපිටිය ප්‍රා. සභාවේ අයවැය සම්මතයි

(මොහොමඩ් ආසික් )
 
පූජාපිටිය  ප්‍රාදේශීය සභාවේ  2020 වසර සඳහා වන අයවැය යෝජනාව  අද (26) පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.
 
පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර ප්‍රනාන්දු මහතා විසින්  අයවැය කෙටුම්පත සභාව වෙත ඉදිරිපත් කරනු ලැබීය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අටදෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුද නියෝජනය කරන පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය යෝජනාව කිසිදු විරෝධතාවයකින් තොරව සම්මත විය.
 
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එස්. එම්. කලීල් මහතා සඳහන් කළේ, මෙවර  සභාපතිවරයා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාව ධනාත්මක අයවැයක් බවත් එම අයවැයෙන් අපේක්ෂිත කාර්යයන් ඉටු කර ගැනීම සඳහා තම පක්ෂයේ පූර්ණ සහාය ලබා දෙන බවත්ය.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී අනුර මඩලුස්ස  මහතා සඳහන් කළේ, අයවැය යෝජනාව අනුව පූජාපිටිය බල ප්‍රදේශය සංවර්ධිත ප්‍රදේශයක් කරා ගෙන යාමට දරන වෑයමට තමන් ඇතුළු තම පක්ෂයද පූර්ණ සහාය ලබා දෙන බවයි. කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයා  මෙහිදී කිසිදු අදහසක් නොදැක්වීය. ඒ අනුව සභාපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ 2020 අයවැය යෝජනාව ඒකමතිකව සම්මත විය.
 



අදහස් (0)

පූජාපිටිය ප්‍රා. සභාවේ අයවැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site