(මොහොමඩ් ආසික් )
පූජාපිටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුලින් කොවිඩ් 19 වයිරසය ආසාදිත බවට සැක සහිත රෝගීන් තිදෙනෙකු හමු වීමත් සමඟ අද (28) ඇඳිරි නීතිය ඉවත් කළද එහි නිති රිති ඉතා තදින්ම ක්‍රියාත්මක කිරිමට තීරණය කර ඇති බව පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර ප්‍රනාන්දු මහතා කීය.
මහනුවර දිස්ත්‍රික්කයේ වෙසෙන, නිවාඩු පැමිණි නාවික සෙබළුන්ගෙන් තිදෙනෙකු පූජාපිටිය කොට්ඨසයට අයත් වීම නිසා ඇදිරි නීතිය ඉවත් කළ අවස්ථාවන්වල ක්‍රියාත්මක කිරීමට රජය නිර්දේශ කර ඇති හැඳුනුම්පත් අංක ක්‍රමය ඉතා තදින් ක්‍රියාත්මක කිරීමට පොලිසිය ක්‍රියා කරන බවත් පොලිසියේ සහාය සඳහා හමුදාවේ සහායද ලබා ගන්නා බවත් සභාපති අනුර ප්‍රනාන්දු මහතා තව දුරටත් කීය.
මෙහිදී සභාපති අනුර ප්‍රනාන්දු මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඇඳිරි නිතිය ඉවත් කර තිබුණද, අත්‍යාවශ්‍ය සේවාවක් සඳහා පමණක් නගරවලට පැමිණෙන ලෙසත් එසේ පැමිණෙන්නේ නම් එක් නිවසකින් එක් අයෙකු පමණක් පැමිණ තම කාර්යය ළඟම වෙළඳසැලෙන් ඉටු කර ගෙන ඉතා ඉක්මනින් පිටත්ව යන ලෙසත් අනවශ්‍ය ලෙස නගරවල සහ මහාමාර්ගවල රැඳී නොසිටින ලෙසත් පවතින තත්වයේ බරපතලකම තේරුම් ගෙන වැඩ කරන ලෙසත්ය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පූජාපිටියේ ඇඳිරි නීති කොන්දේසි තද වෙයි