IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


නව නිවාස ඉදිකර දෙන ලෙස ඉල්ලා වතුකම්කරුවෝ උද්ඝෝෂණයක

රංජිත් රාජපක්ෂ                         
 
නායයාමේ හා ගල් පෙරලීමේ අවදානමට ලක් වී ඇති තමන් පදිංචිව සිටි වතු නිවාස වෙනුවට අලුතින් නව නිවාස ඉදිකර දෙන ලෙස ඉල්ලා  බගවන්තලාව ප්‍රදේශයේ  වතු කම්කරුවන් පිරිසක් අද (1) උදෑසන උද්ඝෝඝණයක් පැවැත්වුහ. 

ඉකුත් වසරේ  මාර්තු මාසයේ  බගවන්තලාව ප්‍රදේශයේ පැවති වැසි සහිත කාලගුණයත් සමඟම බගවන්තලාව පොලිස් වසමට අයත් රොබ්ගිල් වතු යායේ පහළ කොටසේ වතු නිවාස 3 ක පදිංචි වතු කම්කරුවන් 15 දෙනෙකු පමණ පැවති දැඩි අවදානම හේතුවෙන්  තාවකාලිකව එම වතුයායේ පාසල් ගොඩනැගිල්ලක සහ වතු කාර්යය මණ්ඩල නිල නිවාසයක තාවකාලිකව  නතර කිරිමට වතු පාලන අධිකාරිය මගින් පියවර ගෙන තිබිණි.

නායයාමේ අවධානමකට ලක් වී ඇති නිවාස වෙනුවට අලුතින් නිවාස ඉදිකර දීමට වතුපාලන අධිකාරිය මගින් නිසි පියවර නොගෙන තමන් දැනට තාවකාලිකව පදිංචි වී සිටින පාසල් ගොඩනැගිල්ලෙන් සහ කාර්යය මණ්ඩල නිල නිවසෙන් ඉවත් වී තමන් මුල් පදිංචිව සිටි  නායයාමේ අවදානමට ලක් වී ඇති නිවාස වලටම නැවත ගොස් පදිංචි වන ලෙස වතු පාලන අධිකාරිය විසින් තමන්ට දැනුම් දුන් බව වතු කම්කරුවෝ පවසති.



අදහස් (0)

නව නිවාස ඉදිකර දෙන ලෙස ඉල්ලා වතුකම්කරුවෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 69 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 902 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2528 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site