(නාලක සංජීව දහනායක)
නේපාලයට ආවේණික තක්කාලි ප‍්‍රභේදයක් වන සැන් මර්සානෝ ( SAN MERZANO) නැමැති තක්කාලි ප‍්‍රභේදය මෙරට වගාකිරීමට අත්හදා බැලීම මේ වනවිට සිදුකරමින් සිටින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අනෙකුත් තක්කාලි වර්ගවලට ඉහළ අස්වැන්නක් මෙමඟින් ලබාගත හැකි අතර එක් තක්කාලි ගෙඩියක බර ග‍්‍රෑම් 100-110ක් අතර බරකින් යුතුවේ.
වැලක් වශයෙන් මෙය වැවෙන අතර මීටර් 1.8 පමණ උසකින් යුතුවේ.
දැනට මෙම තක්කාලි ප‍්‍රභේදය වගාකිරීම බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පර්යේෂණ මට්ටමින් සිදුවුවද තෙත් කලාපයේ මෙන්ම වියළි කලාපයේදී මෙය වගා කිරීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
වර්තමානයේ තරුණ පරම්පරාව අතර ඉතාමත් ජනප්‍රිය අහාරයක් වන පිට්සා සකස් කිරීම සඳහා බහුල වශයෙන් සැන් මර්සානෝ තක්කාලි විශේෂය යොදා ගනී.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.