(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයට අද (28) දින ගසක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.
නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය අසල අද (28) ප්‍රධාන මාර්ගයට ඉහළින් පිහිටි ගසක් අධි බලැති විදුලි රැහනකට කඩා වැටීමෙන් විදුලි රැහන් සහිත කණුව සමඟ ගස ප්‍රධාන මාර්ගයට කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.
නාවලපිටිය පොලිසිය සහ නාවලපිටිය විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවකයින් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගස සහ විදුලි රැහන් සහිත කණුව ඉවත් කිරීමෙන් පසු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්වයට පත්කළ බව පොලිසිය කීය.
විදුලි රැහන් සහිත කණුව කඩා වැටීම නිසා නාවලපිටිය නගරයේ ස්ථාන කිහිපයකටම විදුලි බලය ඇණ හිට ඇති අතර , විදුලි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් ආරම්භ කර ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නාවලපිටිය - තලවකැලේ මාර්ගය යථා තත්ත්වයට