(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
නිල්වලා ගඟේ පාවෙමින් තිබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද(15) සොයා ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ කවුරුන් ද යන්න මේ වන තෙක් අනාවරණය වී නොමැත.
අවුරුදු 60ක් පමණ වයසැති, තලෙලු, කොණ්ඩය තැනින් තැන සුදු පැහැ වී ඇති එම පුද්ගලයා කළු පැහැති කලිසමක් සහ ඉරි සහිත අත් කොට කමිසයක් අවසන් වශයෙන් ඇඳ සිට ඇත.
එම පුද්ගලයාගේ කලිසම් සාක්කුවේ මුදල් පසුමිබියක තිබී රුපියල් 1350ක් හා එච්.එල්.සී.එම්.සෝමලත් යන නමින් වරිපනම් ගෙවන ලද රිසිට් පතක් පොලීසියට හමු වී ඇත.
මාතර දිස්ත්‍රික්ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරීහු බෝට්ටුවක් උපයෝගී කර ගෙන සිරුර ගොඩට ගත්හ.
මාතර නාගරික හදිසි මරණ පරීක්ෂක ටී. එම්. ලලිත් ද සිල්වා මහතා සිරුර වැඩිදුර පරීක්ෂණ සදහා මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙස පොලීසියට නියෝග කළේය.
මිය ගිය තැනැත්තා හඳුනාගැනීමට සහය වන්නැයි පොලිසිය ඉල්ලා සිටී.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නිල්වලා ගඟේ මළ සිරුරක්