IMG-LOGO

නායායාමෙන් බලංගොඩ නිවාස 43කට හානි

(ප්‍රින්ස්  රත්නායක)
 
බලංගොඩ ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ අර්ධ හානි තත්වයට පත් නිවාස 43 ක් හා ඉවුරු කඩාවැටීම්  කීපයක් වාර්තා වන බව බලංගොඩ ප්‍රාදේශීය ලේකම් එච්. එම්. හේමන්ත බණ්ඩාර මහතා පැවසීය.
 
මේ වන විට ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සඳහා වන පියවර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද සඳහන් සඳහන් කළේය.

බලංගොඩ ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ විවිධ ග්‍රාම නිලධාරී වසම් කීපයක  නිවාස  43ක් අපදා තත්ත්ව වාර්තා වන අතර ඊට අදාළ නිරීක්ෂණ කටයුතු කරමින් සිටින බව බළන් ගොඩ ආපදා සහන නිලධාරී උපුල් එස් අරුණසිරි මහතා සඳහන් කළේය.
 
මීට අමතරව තුඹගොඩ ග්‍රාම නිලධාරී වසමේ හුණුකුඹුර මාර්ගයේ දෙල්ගහවත්ත කොටසේ  කුඩා නායයාමක් සිදුව ඇත. මින් නිවාසවලට හානියක් සිදුව නොමැත. ජාතික ගොඩනැගිලි සංවර්ධන පර්යේණ ආයතන නිලධාරීන්ගේ නිරීක්ණයන්ට ලක්කර ඇති අතර පවුල් තුනකට  තාවකාලිකව ඉවත්වීමට නිවේදනය කර ඇත.   
 
බලංගොඩ පෙට්ටිගල මාර්ගයේ ස්ථාන දෙකක පාරට පස් කන්දක් පැමිණීමත් හා ගල් පෙරලීමෙන්  පාරට අවදානම් තත්වයක් ද වාර්තාවේ. පාරේ ගමනා ගමනයට අවහිරවීම අවම තත්වයේ පවතී.   විධායක ඉංජංනේරු කාර්යාලයට දන්වා එම අවදානම් තත්වය අවම කිරීමට තාප්පයක් බැඳ ඉදිකිරීමක් කළයුතු බවැවින්  ඒ පිළිබඳව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට විධායක ඉංජිනේරු කාර්යාලය වෙත දන්වා ඇති බවද  පවසයි.
 
වැසි තත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා  ජනතාවගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

නායායාමෙන් බලංගොඩ නිවාස 43කට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 144 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site