(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියඟය හේතුවෙන් කුඩා වැව් තුන්දහසක් සහ මහවැව් දහයක පමණ ජලය සිඳි යාම හේතුවෙන් මෙවර යල කන්නයේ වි වගාව ඉතා අවධානම් මට්ටමක පවතින බව වාරිමාර්ග බලධාරිහු පවසති.
දැඩි නියඟය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙම වැව්වල ඇති ජලය දිනකට සියයට පහකට අධික ප්‍රමාණයක් වාෂ්ප වි යාමත් වර්ෂාව නොලැබිමත් මිට හේතුවි තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැව් 14න් සියයට 50කට වඩා වැඩි ජලධාරිතාවයක් රැඳි ඇත්තේ තුරුවිල සහ අංගමුව යන ජලාශ වල පමණි. තුරුවිල ජලාශයේ සියයට 64ක්ද අංගමුව ජලාශයේ සියයට 51ක ජල ධාරිතාවයක් රැඳි තිබේ.
නුවරවැවේ සියයට 29ක්ද තිසාවැවේ සියයට 29ක්ද මහකනදරාවේ සියයට 34ක්ද රාජංගනයේ සියයට 46ක්ද හුරුලුවැවේ සියයට 23ක්ද මානන්කට්ටිය වැවේ සියයට 25ක්ද නාච්චාදුව වැවේ සියයට 41කක් වශයෙන්ද ජලය රැඳි ඇති බව අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එම්.ඩබ්ලිව්පි.ද.සිල්වා මහතා සඳහන් කරයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි කුඩාවැව් සියයට 90ක් පමණ මේ වන විට සම්පුර්ණයෙන්ම සිදි ගොස් ඇති බව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින මෙම දැඩි නියඟය හේතුවෙන් වඩාත් පිඩාවට පත්ව ඇත්තේ මහවිලච්චිය ප්‍රදේශයේ ගොවි ජනතාවයි.මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් විසිහතර දහසක් පමණ නියඟයෙන් පිඩාවට පත්ව ඇතිබව ප්‍රාදේශිය ලේකම් ඊ.ආර්.තිලකරත්න මහතා සඳහන් කරයි.
මහවිලච්චිය වැව සිදි ගොස් ඇති බවත් ප්‍රදේශයේ ළිං සිඳි ගොස් ඇති බවත් ප්‍රාදේශිය ලේකම්වරයා පැවසිය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නියඟය හේතුවෙන් අනුරාධපුර වැව් රැසක් සිදි යයි