(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් වට්ටුවාක්කල් පාලම දෙපස ගැඹුරු කොට පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මැතිවරණය අවසන් වූ පසුව සිදුකිරීමට පියවර ගන්නා ලෙසට මුලතිව් මැතිවන සහකාර කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇත.
පසුගිය සතියේදී හිටපු ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩගලස් දේවානන්ද මහතා විසින් නන්දිකඩාල් කලපුවේ හා වට්ටුවාක්කල් පාලම දෙපස ධීවර කටයුතුවල නිරත වන ධීවරයින්ගේ ඉල්ලීමකට අනුව එම ප්‍රදේශයන් ගැඹුරු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා පියවරගෙන තිබිණි.
කෙසේ වෙතත් ඊයේ දින අදාළ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා නිලධාරීන් පිරිසක් අදාල ප්‍රදේශයට ගොස් කළ නිරීක්ෂණ අතරතුරදී, එම ස්ථානයට පොලිස් නිලධාරීහු හා මැතිවරණ නිරීක්ෂණ නිලධාරීහු පැමිණ එම කාර්ය නවතා දමන ලෙසටත් එම කටයුතු මැතිවරණයෙන් දින 7 කට පසුව සිදු කරන ලෙසට දැනුම් දුන්හ.
කැනීම් හා නිරීක්ෂණ කටයුතු එලෙස නැවත්වීමට එරෙහි ධීවරයින් පිරිසක් විරෝධය පළ කර අතර පොලීසිය විසින් එම තත්වය පාලනය කරන ලදී.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නන්දිකඩාල් කලපුව-වට්ටුවාක්කල් පාලම දෙපස පුළුල් කිරීමේ ව්‍යාපෘතිය කල්යයි