ක.ග කරුණාරත්න
පොලොන්නරුව, අරලගංවිල, ජයමුතුගම ප්‍රදේශයේ පිහිටි නිවෙසක කාමරයක් තුල නිදන් සෙවීමේ අරමුණින් කැණීමක් සිදු කළ බවට සැකපිට ඒ ගෙහිමි කාන්තාව ඇතුලුව පුද්ගලයන් තිදෙනෙකු අද (29) අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.
පොලිස් අත් අඩංගුවට පත් සියලුම දෙනා අරලගංවිල, ජයමුතුගම ප්‍රදේශයේ පදිංචි කරුවන් බව හෙළිවී ඇත.
නිදන් හෑරීම සඳහා උපයෝගී කරගත් බව කියන උදලු, අලවංගු, පිකැස ආදී උපකරණද, මල්, පහන්, සුවඳ දුම්, පූජා වට්ටි ඇතුළු පූජා භාණ්ඩ තොගයක්ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අරලගංවිල පොලිසිය මේ පිලිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd