IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නීතී විරෝධිව ගවයින් ප්‍රවාහනය කළ තිදෙනකු අත්අඩංගුවට

( බී .ජී. චතුරංග )
 
නීති විරෝධීව, කිසිදු බලපත්‍රයක්  නොමැතිව හිංසා කාරී අයුරින්  ගවයන් ප්‍රවාහනය කල ජීප් රථයක් පොලිස් අණනොතකා  ධාවනය වු අවස්ථාවේ පොලිස් ජීප් රථයකින් මග අහුරා සැකකරුවන් තිදෙනෙකු සමඟ අද (21දා)  අත්අඩංගුවට ගැනීමට උතුරුමැද පළාතබාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා යටතේ ක්‍රියාත්මක දිසා වැටලිම් ඒකකයට හැකිවි තිබේ.
 
සැකකරුවන් ගමන්කල රථය පරික්ෂා අනුරාධපුර හල්මිල්ලකුලම ප්‍රදේශයේදී නවතා පරීක්ෂා කීරිමේදී එම රථයේ පිටු පස දැඩි ලෙස සත්ව හිංසනය ඇති වන අකාරයට ගවයින් සිවුදෙනෙකු බැද සිටි බවත් එම සතුන්ගේ ගෙල සිර වන අන්දමින් ට්‍රක්රථයේ ගැටගසා සිටි බවත් තවත් ගවයෙකුගේ පාද ගැටගසා හිංසාවන අයුරින් රථයට පටවා තිබුබව පොලිසිය කියයි.
 
සැකකරුවන් ප්‍රවාහනය කල ගවයන්ට මුදල්ගෙවා ලබාගත් කුවිතාන්සි හෝ වෙනත් කිසිදු බලපත්‍රයක් නොවුබව පවසන පොලිසිය සැකකරුවන්ගෙන් වෙන්වෙන්ව සිදු කල ප්‍රශ්න කිරිම්වලදි තන්තිරිමලය, නොච්චියාගම, කල්ලංචිය යන ප්‍රදේශවලින් ගවයන් මිලදි ගත්බව පවසමින් පොලිසියට පරස්පර ප්‍රකාශ සිදුකර තිබුණි. 
 
සැකකරුවන් ගවයන් සොරකම්කර නාච්චාදූවේ පිහිටි ගව ඝාතකාගාරයට මස් පිනිස ඝාතනය කිරිමට රැගෙන යන්නට ඇති බවට පොලිසියට සැකමතුව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පරික්ෂන සිදුකරයි.අත්අඩංගුවටගත් වයස අවුරුදු 36-44-55 වියේ පසුවන නාච්චාදූවේ පදිංචිකරුවන් අද (21දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි



අදහස් (1)

නීතී විරෝධිව ගවයින් ප්‍රවාහනය කළ තිදෙනකු අත්අඩංගුවට

sumedha nandasiri Thursday, 21 May 2020 12:16 PM

ගව ඝාතනය නතර කරන්න පුළුවන් හරි නායකයෙක් මේ බුදුන් තුන් වරක් වැඩි මගේ රටේ පත් කර ගැනීමට හැමදෙනාටම නුවන පහල වේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 776 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site