(අමදෝරු අමරජීව)
නැගෙනහිර පළාතේ බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය ලබාගැනිමේදී දෙමළ ජාතික සන්ධානය සමඟ එකඟත්වයක් ඇතිකර ගත්බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසීය.
දෙමළ සන්ධාන නායක හා විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා සමඟ ත්‍රිකුණාමලයේ පිහිටි නිවසේ දී හමු වී ඇති කරගත් එකඟත්වයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකයයා මෙසේ දකීවේය.
‘කුච්චවේලි ප්‍රාදේශිය සභාවේ බලය ලබා ගැනීමට යෑමේදී දෙමළ ජාතික සන්ධාන ප්‍රශ්නයක් ඇතිවුණා. මේ තත්ත්වය නැති කරගෙන ඉදිරියට වැඩ කිරිමට අපි සාකච්ඡා කළා. ඒ අනුව මුතූර් සභාවේ සභාපති ධුරය මුස්ලිම් කොංග්‍රසයත් උප සභාපති ධුරයත් දෙමළ සන්ධානයටත් ලබාදෙන්න එකඟ වුණා. කින්නියා නගර සභාවේ බලය ගන්න ඒ අය අපට උදව් කරනවා. මෙය ත්‍රිකුණාමලයට විතරක් නොවෙයි. අපට බලය ලබාගත හැකි සෑම තැනකදීම දෙමළ ජාතික සන්ධානය එක්ව කටයුතු කිරිමට එකඟත්වයක් ඇතිකර ගත්තා’ යැයි වැඩිදුරටත් හෙතෙම පැවසීය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නැගෙනහිර සභා පිහිටුවන්න දෙමළ සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය එක්වෙයි