
(ඉන්දික අරැණ කුමාර)
නාඋල ඇළහැර මාර්ගයේ සිට ඇල්හේන මාර්ගය දක්වා දිවෙන අතුරු මාර්ගයේ කොටසක් ගලා බැස ඇතැයි ප්‍රදේශවාසිහු කියති.
පවුල් 100ට ආසන්න පිරිසක් දෛනිකව භාවිතයට ගන්නා මෙම මාර් ගය ආසන්නයෙන් ගලාබසින ඇළක ඉවුරු ඛාදනය හේතුවෙන් මාර්ගයට යොදා ඇති කොන්ක්‍රීට් කොටසක් ගිලා බැස තිබේ.
මේ හේතුවෙන් මාර්ගය හරහා රථවාහන ධාවනය ඉතා අවදානම් වී ඇති බවත්, කිසිදු භාණ්ඩයක් රථවාහනවලින් රැගෙන යෑම දුෂ්කර කාර්යයක් වී ඇති බවත් ගම්මු කියා සිටිති.
ගිලා බැස ඇති මෙම මාර්ගය කඩිනමින් පිළිසක කර දෙන මෙන් ප්‍රදේශවාසිහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd