IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දිවුලපිටිය සභාපති ඉවතට : උප සභාපතිට වැඩ පැවරේ

පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ බටේපොල විජයසිරි 

දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නන්දකුමාර සකලසූරිය මහතා පොදු ජන පෙරමුණ එම පදවියෙන් ඉවත් කර සභාපති පදවියේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් එහි උප සභාපතිවරයා වූ ඉන්දික ජයසිංහ මහතා පත් කරනු ලැබී ය. 

සභාපති පදවිය දැරූ සකලසූරිය මහතා ට එරෙහි ව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලැබෙන තුරු මෙසේ උප සභාපතිවරයා එම පදවියට පත් කරනු ලැබ තිබේ.

හිටපු සභාපතිවරයාට එරෙහිව පවත්නා චෝදනා පිළිබඳ පරීක්ෂණයක් සඳහා ද නිලධාරියකු පත් කර ඇති අතර එම පරීක්ෂණයේ වාර්තාව මාස තුනක් ඇතුළත ලබා දෙන ලෙස ද ආණ්ඩුකාරවරයා නියෝග කර ඇත .

බස්නාහිර පළාත් පලාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග පරිදි සභාපති පදවියේ වැඩ බැලීමට පත් කෙරුණු ඉන්දික ජයසිංහ මහතා අද (21) වැඩ බාර ගැනීමට නියමිතය. 



අදහස් (0)

දිවුලපිටිය සභාපති ඉවතට : උප සභාපතිට වැඩ පැවරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site