(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ මෙතෙක් ඉගෙනුම ලැබ පසුගිය වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි තම දරුවන් පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු කර ගන්නා ලෙස ඉල්ලිමින් අද මව්පියෝ උද්ඝෝසණයක් කළහ.
දරුවන්ගේ මාපියන් 250 ක පමණ මෙයට එක්ව සිටියහ.
පොලොන්නරුව නව නගරයේ පිහිටි රාජකීය ප්‍රාථමික විද්‍යාලය අසල සිට පොලොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණ ඔවුහු මෙලෙස විරෝධතාව දැක්වුහ.
දරුවන් දැනට මාසයක පමණ කාලයක සිට පාසලකට නොගොස් නිවෙස් වල රැදී සිටින බැවින් මේ ප්‍රශ්නයට කඩිනම් ව්සදුම් දෙන්නැයිද ඔවුහු ඉල්ලා සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd