(ශාන්ත චන්ද්‍රසිරි)
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පුද්ගලයෙකු අද (04) උදෑසන දුම්රියක ගැටී මියගොස් ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ තලවකැලේ, හොලිරෑඩ් වත්තේ, නැගෙනහිර කොටසේ පදිංචිව සිටි විජේසුන්දර මුදියන්සේලාගේ චන්ද්‍රෙස්න (67) නැමැති අයෙකි.
අසනීප තත්ත්වයකින් පෙළෙමින් සිටි මෙම පුද්ගලයා තලවකැලේ නගරයට පැමිණ නැවැත දුම්රිය මාර්ගය ඔස්සේ නිවසට යමින් සිටියදී, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වු දුම්රියට හසුව ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා නුවරඑළිය මහ රෝහල වෙත රැගෙන යාමට පොලීසිය පියවර ගෙන ඇත.
තලවකැලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දුම්රියක ගැටී අයෙක් මරුට