IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දෙමෝදර වලස්බැද්ද කන්දේ ගින්නක්

(විජේරත්න රත්නායක )
               
ඇල්ල දෙමෝදර වලස්බැද්ද කන්දේ අද (03) පස්වරුවේ හටගත් ගින්නක් මේ වන විටත් පැතිරෙමින් පවතී.

දෙමෝදර ඇතුල්කන්ද ප්‍රදේශයේ ගල්වලට ඉහළ පතන් ප්‍රදේශයේ හටගත් ගින්න මේ වන විට විශාල ප්‍රදේශයක පැතිරී ඇති අතර මේ සම්බන්ධයෙන් ඇල්ල ප්‍රාදේශීය ලේකම්වරිය දැනුවත් කළ බවත් ප්‍රාදේශීය ලේකම්වරියගේ දැනුම්දීම අනුව අවශ්‍ය වුවහොත් ගින්න මැඩලීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බවත් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්.උදයකුමාර මහතා පැවසීය.

දැනට දින කීපයකට පෙර ද මෙම පතන් භූමියේ කොටසක් ගින්නෙන් විනාශ වූ අතර එම ප්‍රදේශයේ ගවයින් ඇති කරන ඇතැම් පිරිස් ගවයින් සඳහා පතන් ප්‍රදේශයේ අලුත් තණකොළ ලියලෑම පිණිස හිතාමතා මෙසේ ගිනි තබන බවට සැකකරන බව අවට ජනතාව පවසති.



අදහස් (0)

දෙමෝදර වලස්බැද්ද කන්දේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site