(සුමතිපාල දීයගහගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 108 වන කිලෝ මීටර් කණුව අසළ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් හමුවී ඇතැයි ඉමදූව පොලිසිය පවසයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස පිරිසිදු කරමින් සිටින විට මෙම අත් බෝම්බය හමුවී ඇත.
මේ වන විට ජීව අත් බෝම්බය ඇති ස්ථානයට ආරක්ෂාව යොදවා ඇතැයිද පොලිසිය කියයි.
අද (20) අධිකරණයට කරුණු වාර්තා කර බෝම්බය නිශ්ක්‍රීය කිරීමට කටයුතු යොදන බවද ඉමදූව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd