(අනීෂා මානගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක ප්‍රදේශයේ වැඩබිමක සිදුවූ හදිසි අනතුරකින් එහි සේවය කළ පුද්ගලයකු මිය ගොස් ඇතැයි අඟුණකොළපෑලැස්ස පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ අඟුණකොළපැලැස්ස බිංකම ප්‍රදේශයේ පදිංචි වික්‍රමසිංහගේ ප්‍රේමදාස නම් 49 හැවිරිදි තිදරු පියෙකි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන අඟුණකොළපෑළැස්ස බරවකුඹුක සියඹලාකොටේ 55 වැනි කොටසේ වැඩිබිමෙහි සිමෙන්ති මිශ්‍රනයට යොදාගන්නා විශේෂ කාර්යය යන්ත්‍රයක රෝදයට යටවී එම අවස්ථාවේදීම මියගොස් ඇත.
ඔහු අඟුණකොළපෑලැස්ස දිසා රෝහලට ඇතුළත් කළද මියගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd