(සිරංගිකා ලොකුකරවිට, ඩී.ජී. සුගතපාල සහ රවී ලියනගේ)
දකුණු පළාත් සෞඛ්‍ය අංශය සඳහා රුපියල් මිලියන 110 ක් වටිනා වාහන සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ට ලබා දීම දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා විසින් අද(06)දින ගාල්ල ලබුදූව දක්ෂිණ පාය අමාත්‍යාංශ සංකීර්ණයේ දී සිදු කෙරිනි.
දකුණේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල, පළාත් සභා රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හි ප්‍රයෝජනය සඳහා වෑන් රථ 03 ක් , කැබ්රථ 08 ක් මෙහිදි බෙදා දෙන ලදී.මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් සෞඛ්‍ය ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු ඇතුළු පිරිසක් එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd