(රවී ලියනගේ)
උපාධි ගුරු විභාග සමත්වූ තමන්ට ඉක්මණින් රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් දකුණු පළාතේ උපාධිධාරීහු අද(28) ගාල්ල, ලබුදූව දක්ෂිණපාය අමාත්‍යංශ සංකීර්ණයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලය වැටලුහ.
ඔවුහු පළමුව අමාත්‍යංශ සංකීර්ණය ඉදිර්පිට විරෝධය දක්වා දක්ෂිණපායේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයට ඇතුළු වූහ.
මෙහිදී පැවති සාකච්ඡා ගැන සෑහීමට පත්විය නොහැකි බවත්, දකුණු පළාතේ ගුරු පුරප්පාඩු රැසක් පවතින බැවින් ඉක්මණින් රැකියා ලබා දෙන ලෙසත් දකුණුපළාත්උපාධි ගුරු විභාග සමත්වූවන්ගේ සංගමයේ කැඳවුම්කරු සපුමල් මදරසිංහ මහතා ඉල්ලා සිටියේය.
“ගුරු පත්වීම් පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. මේ සති දෙක ඇතුළත විභාගය සමත් සියලු දෙනාට රැකියා ලබා දෙනවා. එතකොට ගැටලුව ඉක්මණින් නිරාකරණය වේවි” යැයි දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා ඔවුන්ට කියා සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd