IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දකුණු පළාතෙන් මැතිවරණ පැමිණිලි 190 ක්

(සිරංගිකා ලොකුකරවිට)

ජනාධිපතිවරණයට අදාලව දකුණු පළාතෙන් මේ වනවිට මැතිවරණ පැමිණිලි 190ක් ලැබී ඇතැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වාර්තා සඳහන් කරයි.වැඩිම පැමිණිලි සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වන අතර ඒම සංඛ්‍යාව 109කි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 40ක් ද මාතර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 46ක් ද ලැබී ඇත. මෙම පැමිණිලි සියල්ල සුළු පැමිණිලි වන අතර බරපතල සිද්ධි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවද සඳහන් වේ. 

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති පැමිණිලි වලින් 34ක්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන අතර වෙනත් පැමිණිලි 6ක් ලැබී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ මැතිවරණ පැමිණිලි විමර්ශන අංශය සඳහන් කරයි.

මෙයින් 36ක් විසඳා ඇති අතර ඒයින් 26ක් සත්‍ය පැමිණිලි බවත් අනෙක් පැමිණිලි අසත්‍ය ඒවා බවත් තහවුරු වී ඇත. ඒක් පැමිණිල්ලක් පරීක්ෂා කරමින් පවතින බවත් සඳහන් වේ.

මාතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකයට ලැබී ඇති පැමිණිලි සියල්ල මැතිවරණ නීති කැඩීම් සම්බන්ධ සුළු සිද්ධීන් බව මාතර දිස්ත්‍රික් මැතිවරණ විමර්ශන අංශය සඳහන් කරයි. 

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකුම නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති මැතිවරණ පැමිණිලි සම්බන්ධව අදහස් දක්වමින් හම්බන්තොට දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා පවසා සිටියේ ඉදිරිපත්වන පැමිණිලි සම්බන්ධව ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති මැතිවරණ පැමිණිලි විමර්ශන ඒකකය මගින් කටයුතු සැලසුම් කර ඇති බවයි.

ඒ මගින් බරපතල තත්ත්වයන් උද්ගතවීම බොහෝදුරට වළක්වාගතහැකි වන බවත් පොලිසියේ සහාය ද සහිතව ගැටලු විසඳීමට ක්‍රියාකරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනකුම ඉදිරිපත් වන බැවින් හම්බන්තොට දිස්ත්‍රික්කයට මෙවර ජනාධිපතිවරණය සුවිශේෂී වූවද මෙතෙක් බරපතල පැමිණිලි කිසිවක් වාර්තා වී නොමැති බවත් දේශපාලනඥයන්ගේ පූර්ණ සහයෝගය ඒ සඳහා ලැබුණු බවත් හෙතෙම පවසයි.

 



අදහස් (0)

දකුණු පළාතෙන් මැතිවරණ පැමිණිලි 190 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site