(ජේ. කේ. එල්. චාමින්ද)
දකුණු පළාත සඳහා දෙමළ භාෂා ගුරුවරුන් 314 දෙනෙකු බඳවා ගැනීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත.
දකුණු පළාතේ දෙමළ භාෂා ගුරුවරුන් 314 දෙනෙකුගේ පුරප්පාඩු පැවති අතර මීට සති දෙකකට පමණ ඉහතදී ඒ සඳහා අයදුම්පත් කැඳවූ බවත් මාස දෙකක් ඇතුළත දෙමළ භාෂා ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කරන බවත් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් මහතා පැවසීය.
දැනට දකුණු පළාත තුළ ගුරුහිඟයක් නොමැති බව පවසන දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලබන අගොස්තු මස 01 වැනිදා වන විට ගුරු පුරප්පාඩු 1700ක් ඇතිවන බවත් මේ වනවිට ඒ සඳහා ගුරුවරුන් බදවා ගැනීමට විභාග පවත්වා සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටින බවත් ප්‍රකාශ කළේය.

COMMENTS
දෙමළ භාෂාව ඉගැන්වීමට සුදුසු කම් තිබෙන නමුත් විද්‍යාපීඨ හෝ විශ්ව විද්‍යාල වරම් නොලැබු ගුරුවරුන්ට කරන ඉතාමත් යහපත් කාර්‍යක් හා දරුවන්ට භාෂා සැනුම අත්‍යවශ්‍ය කාරණයකි.
මා කොළඹ සහ කැලණි කැම්පස් දෙකේම දෙමළ භාෂාව පිලිබද ඩිප්ලෝමා දෙකක් කර තිබේ.රාජ්‍ය භාෂා 3,2,1,මට්ටම් සමත්ව ඇත.මා දකුණු පළාතේ වලස්මුල්ල කලාපයේ ගුරු පත්වීමක් බලාපොරොත්තු වෙමි.
මා ටැමිල් ඩිප්ලෝම ධාරී. ටැමිල් පුහුණු ගුරු උපකාරක ගුරුවරයකු ලෙස කටයුතු කරමි.
මමත් දෙමල භාශා උගන්නවන ස්වේච්ඡා ගුරුවරියක් විදියට ඉස්කොලේක උගන්නවනවා දැනට අවුරුදු දෙකක් වෙනො ස්වේච්ඡා ගුරුවරියක් විදියට ඉස්කොලේක සේවය කරන මේ තුන්වෙනි අවුරුද්ද මට දෙමල ලියන්න කියවන්න හොදට පුලුවන් ඊට අමතරව කතා කරන්න තරමක් දුරට පුලුවන් ඩිප්ලෝමධාරියෙක් වෙමි අනෙ අපි වගේ මිස්ලා සර්ලා ගොඩාක් පඩියක්වත් නැතුව ගොඩාක්ම දුක් විදිනො ඒත් සමහර මිස්ලා සර්ලා ලමයින්ට උගන්නවන්නෙත් නැ ඒවගේ මිස්ලාට සර්ලාට නිකම් ඉදගෙන පඩි ලැබෙනො නොමිලේ උගන්නවන අපිට පඩියක්වත් නැ අනෙ අපිවත් ස්තිර කරනවා නම් කොච්චර හොදයි ද
අනෙ අපිටත් ගුරු පත්වීම් ලබාදෙන්න කෝ දෙමල ගගුරුවරුන් අඩුයිනෙ අපිටත් ගුරු පත්වීම් ලබාදෙන්න කෝ