(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
දකුණු පළාතේ ගුරු සහයකයින් 118 ක් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.
ධර්මාචාර්ය, ස්වේච්ඡා, සහ දෙමළ මාධ්‍ය වතු පාසල් ගුරු සහායකවරු මෙසේ පත්වීම් ලදහ. උපාධිය - ගුරු පුහුණුව අවසන් කරමින් ගුරු සේවයට අවශ්‍ය සුදුසුකම් සපුරාලූ ගුරු සහායකයින් මෙසේ ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැණිනි.
මෙම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී.ද සොයිසා, දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි. වික්‍රමසිරි යන මහත්වරු, රාජ්‍ය නිලධාරීහු, පත්වීම්ලාභීහු සහ ඔවුන්ගේ දමව්පියවරු ආදී විශාල පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්නකන් කතා කරේ ඡන්ද මගඩි ගැන. දැන් හෝ ගාලා පත්වීම් දෙනවා.