(රංජිත් රාජපක්‍ෂ)
හැටන් දික්ඔය නගර සභා සීමාවේ කැළි කසල නගර සභාව ඉවත් නොකිරීම හේතුවෙන් ප‍්‍රදේශය පුරා දැඩි දුගන්ධයක් ඇති බවට ප‍්‍රදේශවාසිහු චෝදනා කරති.
මීට පෙර කැළි කසල කුඩාඔය ප‍්‍රදේශයට බැහැර කළ අතර ඊට එරෙහිව ප‍්‍රදේශවාසිහු විරෝධය පල කළහ.
පටු දේශපාලන වාසි තකා රජය අපහසුතාවයට පත් කිරිමේ අරමුණින් හා පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වා ගැනිමේ අදහසින් හිටපු පළාත් පාලන නියෝජිතයන් කිහිප දෙනකු මේ සම්බන්ධයෙන් මහජන විරෝධයක් මතු කරමින් සිටින බව හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් එස්. පි‍්‍රයදර්ශනි මහත්මිය කියයි.
කැළි කසල බැහැර කිරිමට නව ඉඩමක් හදුනා ගෙන ඇති බවත් එම ඉඩම නගර සභාවට පවරා ගැනිමේ කටයුතු මේ දිනවල සිදුකරන බවත් ඒ මහත්මිය පවසයි.

COMMENTS
ආණ්ඩුවට මොකද බැරි ප්ලාස්ටික් බෝතල් වල ඇසුරුම් කර බීම බෙදන කොකාකෝල ,පෙප්සි වැනි ආයතන වලට එම බෝතල් එකතු කරන්න කියල .පාරේ බැලුවොත් වැඩිපුරම තියෙන ප්ලාස්ටික් බෝතල් ප්‍රසිද්ධ නිෂ්පාදන ඇසුරුම් කරන ඒවා.සුපර් මාර්කට් වලින් පොලිතින් එක ඇසුරුමක් දෙනවිට පාරිභෝගිකයාගෙන පරණ පොලිතින් එක ඇසුරුමක් නැවත ලබාදීම අනිවාර්ය කලොත් පාරිභෝගිකයින් පොලිතින් ඇසුරුම් භාවිතා කරන විට සැලකිලිමත් වෙනවා
මේක දික්ඔයට විතරක් නෙමෙයි මුළු ලංකාවටම ප්‍රශ්ණයක්. කසල නිපයීම අඩු කරන්න කිසිම පිිළියමක් නෑ පොලිතීන් ප්ලාස්ටික් මොන තරම් අනවශ්‍ය විදියට භාවිතා කරනවාද අවම වශයෙන් මේවායේ මිල වැඩි කිරීමක් කළොත්වත් එතකොටවත් මිනිස්සු වගකීමකින් යුතුව අවම භාවිතයක් කරාවි අනෙක් හැම භාන්ඩයකම මිල වැඩි කරද්දි ආන්ඩුව ඒකට විතරක් ප්‍රතිචාරයක් නෑ පුදුමු ආන්ඩුවක් ඇස් නැද්ද