(නිමල කොඩිතුවක්කු)
තෙවන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර දිවයිනේ සෑම පාසලක්ම කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශීලා සමරවීර මහත්මිය ප‍්‍රකාශ කළාය.
ලබන 2 වැනිදා තෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිත අතර ඒ අනුව ලබන 1 වැනිදා වන විට ඩෙංගු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයිද ඇය පැවසුවාය.
මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 42,003ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව රෝගීන් 3000 ක පමණ වැඩිවීමක් බවත් ප‍්‍රශීලා සමරවීර මහත්මිය ප‍්‍රකාශ කළාය.
මෙම රෝගීන්ගෙන් 8800ක් කොළඹින්ද, 6388ක් ගම්පහ ප‍්‍රදේශයෙන්ද, 4046ක් කලුතරින්ද, ගාල්ලෙන් රෝගීන් 4334ක්ද, නුවරින් 2500ක් ද, යාපනයෙන් 2100 ක් සහ මාතරින් 2100ක් ද වශයෙන් රෝගීන් වාර්තා වී ඇත.
පසුගිය වසරේ වාර්තා වු ඩෙංගු මරණ සංඛ්‍යාව 58ක් වන අතර මේ වසරේ මේ වන විට ඩෙංගු මරණ 64ක් වාර්තා වී ඇති බවද ඇය ප‍්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd