IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තබ්බෝව අභය භූමියේ දඩයමේ ගිය 7 ක් අල්ලති

 

(එච්  චන්දන සහ රෝවන් පෙරේරා )

තබ්බෝව අභය භූමිය තුළ දඩයමේ ගිය හා වැලි ජවාරමේ නියුතු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී කාර්යාලය කියයි.

වනජීවී නිළධාරින්ට ලැබුණු  තෙරතුරකට අනුව අද (8) සාලියවැවව ගලවැව මාර්ගයේ තබ්බෝව අභය භූමිය තුළ දඩයමේ ගිය පුද්ගලයින් හතර දෙනකු සමග විදෙස් රටක නිෂෟපාදිත බෝර 12 ගිනි අවියක්, ජීව උණ්ඩ 8 ක් , එම ආසන්නයේ මේ කැන්ටර් රථයකට වැලි පටවා රැගෙන එමින් සිටි පුද්ගලයින් තිදෙනකු ද මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සැකකරුවන් විසින් සකස් කර ඇති බවත් විශාල උණ්ඩයට  (ඊයම් බෝල) පිටු පසින් තවත් කුඩා බෝල තුනක් යොදා ඇති බවත් මෙයින් අලියකු පවා මරා දැමිය හැකි බවත්, මෙය කුඩා සතුන් එක එල්ලේ මරා දැමීමට සකස් කර ඇති බව වනජීවී නිලධරයෝ පවසති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

(ජායාරූප - එච් චන්දන )



අදහස් (0)

තබ්බෝව අභය භූමියේ දඩයමේ ගිය 7 ක් අල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site