(ආරියදාස කොඩිතුවක්කු සහ දිලීප් ජයසේකර)
චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තංගල්ල නගර සභාවේ හිටපු නගරාධිපති අනිල් සෙල්ලාහැන්නදි මහතා නොවැම්බර් 6 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලිලන්ත ටිලාන් වරුසවිතාන මහතා අද (30) නියෝග කළේය.
තංගල්ල නගර සභාවට අයත් රුපියල් හය ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ගිනි නිවීමේ උපකරණ කට්ටලයක් නගර සභාවට බාර නොදීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සෙල්ලාහැන්දි මහතා සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd