(හේමලතා ඞී හේවගේ)
පන්නල යක්විල - සිරිපැල්ල ප්‍රදේශයේදී අද (30) තේක්ක දැව කඳන් තොගයක් ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පන්නල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලොරි රථයේ තිබී තේක්ක දැව කඳන් 21 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි තක්සේරු වටිණාකම මෙතෙක් ගණන් බලා නොමැති බව පොලිසිය පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර නඩු භාණ්ඩ සමඟ ඔහු කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ලබන මස 05 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd