(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පරගස්තොට පොල්හිටිදුව නිවසක සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවියක් හා ටී පනස් හයේ උණ්ඩ පහක් සමඟ නිවෙසක හිමිකරුවකු අද (04) අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය පවසයි.
සැකකරු 31 හැවිරිදි මහියංගන පදිංචිකරුවෙකු බවත්, පරගස්තොට කර්මාන්තශාලවේ පෑස්සුම්කරුවකු ලෙස සේවය කරන්නෙකු බවත් පොලිසිය පවසයි.
ඔහු නවාතැන්ගෙන සිටි වාඩියේ තිබූ බූට් සපත්තු දෙකක් තුළ මෙම ගිනි අවිය හා උණ්ඩ තිබූ බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මිල්ලනිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ටී කටස් වර්ගයේ ගිනි අවියක්- උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට